Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

මෙම විභාගයට පෞද්ගලික අයදුම් කරුවෙකු ලෙස පෙනී සිටීම සඳහා වන අයදුම් පත් 2021 ජුලි 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පෙර යොමුකළ යුතුය. සෑම පෞද්ගලික අයදුම්කරුවෙක්ම විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති  එම නිවේදනය සම්පූර්ණයෙන් හොඳින් කියවා අවබෝධ කරගෙන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස තම අයදුම්පත් මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කොට ඉදිරිපත් කළ යුතුව ඇත. තවද  අයදුම්පත්‍රයේ විභාගයට පෙනී සිටීමට තෝරාගත් නගරය හා විෂයයන් ඇතුළත් කිරීමේදී නිවැරදිව ඇතුලත් කිරීම විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් උපරිම වශයෙන් ප්‍රධාන විෂයයන් තුනක් සඳහා පමණක් පෙනී සිටීමට අයදුම්කරුවනට ඉඩ දෙනු ලබා දී ඇත.  ඊට අමතරව අවශ්‍යතාවය පරිදි විෂය 12 සාමාන්‍ය පොදු පරීක්ෂණයට හා විෂය අංක 13 සාමාන්‍ය  ඉංග්‍රීසි විෂයට පෙනී සිටීම සඳහා ඉල්ලුම් කළ හැකි බව විභාග දෙපාර්ත මේන්තුව දන්වා සිටියි.

මෙම අයදුම්පත වඩාත් නිවැරදිව හා පහසුවෙන් යොමුකරගැනීම සඳහා ඔබට අප නැණසල මධ්‍යස්ථානය පහසුකම් සලසා ඇත. ඒ සඳහා ඇමතුමක් ලබා දී අප මධ්‍යස්ථානය වෙත පැමිනෙන්න.

Scroll to Top