Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අධ්‍යයන පොදු සහතික පත්‍ර
(උසස් පෙළ) විභාගය - 2022

මෙම විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (Online) ක්‍රමය මගින් පමණි. මෙම විභාගයට පෞද්ගලික අයදුම්කරුවකු ලෙස පෙනී සිටීම සදහා වන අයදුම්පත් 2022 අගෝස්තු 01 වන දින සිට අගෝස්තු 19 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පැය දක්වා භාරගනු ලබන බවත් පෞද්ගලික අයදුම්කරුවන්  විභාග දෙපාර්ථමේන්තුවේ වෙබ් අඩවියට පිවිස තම අයදුම්පත මාර්ගගත ක්‍රමයට (Online) සම්පූර්ණ කොට ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවෙිදනය කර ඇත. තවද  අයදුම්පත්‍රයේ විභාගයට පෙනී සිටීමට තෝරා ගත් නගරය හා විෂයයන් ඇතුළත් කිරීමේ දී නිවැරදිව ම ඇතුළත් කිරීමට විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බවත් උපරිම වශයෙන් ප්‍රධාන විෂයන් 03 ක් සදහා පමණක් පෙනී සිටීමට අයදුම්කරුවන්ට ඉඩ සැළසේ. ඊට අමතරව අවශ්‍යතාව පරිදි විෂය අංක 12 – සාමාන්‍ය පොදු පරීක්ෂණයට හා විෂය අංක 13 – සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට පෙනී සිටීම සඳහා ද ඉල්ලූම් කළ හැකිය.

Full Details in Sinhala

Online Application

Instructions in Sinhala

නැණසල මගින් නිවැරදිව අයදුම්පත යොමුකරගැනීම සඳහා අප හා සම්බන්දවන්න.

Kurunegala : 037 4937095

Makandura : 037 4937098

Giriulla : 037 4937093

Scroll to Top