Wayamba Nenasala

IBEF IT COURSE

INTERNET-BASED EDUCATION FUNDAMENTAL IT COURSE

නැණසල තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) නියාමනය යටතේ ක්‍රියාත්මක වන සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු හා සේවා සපයන මධ්‍යස්ථානයක් බව ඔබ මේ වන විටත් දන්නා කරුණකි.

විශ්වවිද්‍යාල වලට ඇතුළත් වන විද්‍යාර්ථයින් විවිධ පරිගණක පාඨමාලාවන් හදාරා ඇති මුත් තොරතුරු තාක්ෂණ දැනුම අවම මට්ටමක පවතින බව සමීක්ෂණ වලින් හෙලිවී ඇත. සැබැවින් ම ඔබ ද මේ වන විටත් අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් පසුව පරිගණක පාඨමාලාවක් හදාරා තිබෙනවා විය හැක. නමුත් ඔබට පරිගණකයක් භාවිතා කර ඔබගේ අධ්‍යයන කටයුතු වලට අදාළ කාර්යයන් කර ගත හැකි ද?…..

පසුගිය කෝවිඩි තත්වයත් සමඟ මෙන්ම තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමානය වන විට සෑම වෘත්තීය විෂය ක්ෂේත්‍රයක් ම තොරතුරු තාක්ෂණය මත පදනම් ව ඇත්තා සේම අධ්‍යාපනය ද තොරතුරු තාක්ෂණය මත පදනම් ව ගොඩනැගී ඇති බව ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. ඒ අනුව ඔබ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ පුරවැසියකු බවට පත්වීම අනිවාර්ය සාධකයක් බවට පත්ව ඇත. නැතහොත් තාක්ෂණය හමුවේ ඔබ හුදකලා වනු ඇත. ඔබට තවකෙකුගේ පිහිට පැතීමට සිදු වනු ඇත.

ඒ අනුව ඊට පිළියමක් වශයෙන් අප විසින් හඳුන්වා දෙන IBEF පාඨමාලාව විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් පසු වන ඔබ සදහා ම සැකසුණ පරිගණක පාඨමාලාවකි. මෙම පාඨමාලාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් ඔබ දැනගත යුතුම තොරතුරු තාක්ෂණ හා පරිගණක දැනුම අන්තර්ගතයන් එක් කොට සැකසුණු විෂය කොටස් ගණනාවකින් යුක්ත වේ.

Course Content

  • All Basic Tools
  • Sinhala Type setting
  • Create Assignment
  • All Basic Tools and Function
  • All Basic Tools
  • How to used Template
  • Development of presentation skills
  • Learning Management System
  • Online Education and Skill Development
  • Search engine an search Tips and Google Chrome
  • Email / Google Drive / Keep / YouTube
  • Google Doc / Sheet / Slide / Form
  • Facebook / WhatsApp / Instagram / LinkedIn
  • Security and ethic
  • Software installation
  • Scanning and Printing
  • Networking and file sharing
  • Troubleshooting

මෙහි දී විශේෂයෙන් Microsoft word 2016 ආශ්‍රයෙන් ඉතා පහසුවෙන් නිබන්ධන සැකසීම (Assignment) , Presentation ඉදිරිපත් කිරීම, සිංහල Typesetting, Internet භාවිතය ආදීය මෙන් ම පෙර පාඨමාලාවක දී ඉගෙන නොගත් බොහෝ දේ පාඨමාලාවේ අන්තර්ගත වේ.

නොවැම්බර් 20 වන දා සිට පාඨමාලාව ආරම්භ වන අතර සීමිත පිරිසක් පමණක් ඇතුළත් කර ගන්නා බැවින් ලියාපදිංචි වන අනු පිළිවල අනුව ප්‍රමුඛතාවය ලබා දෙයි.

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 20,000/- වාරික 4 කින් ගෙවිය හැකිය.
පළමු කණ්ඩායම : කාලය මාස 04 (සතියට දින 01, පෙ.ව. 9.00 සිට ප.ව. 04.00 දක්වා)
දෙවන කණ්ඩායම : කාලය මාස 05 (සති අන්තයේ දින 01 , පෙ.ව. 9.00 සිට ප.ව. 01.00)

පහත සඳහන් නැණසල මධ්‍යස්ථානවල මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.

Kurunegala : 037 4937095

Makandura : 037 4937098

Giriulla : 037 4937093

Scroll to Top