Wayamba Nenasala

Let others know | තවත් අයට දැනගන්න සලස්වමු

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් සහතික පත්‍ර වැඩසටහන 2021/2022

රටක සංවර්ධනය කෙරෙහි බලපාන අතිශය වැදගත් වන සාධකයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හැඳින්විය හැකිය. මෙරට ස්ථාපිත බොහොමයක් ව්‍යාපෘතීන් ව්‍යාපාර ව්‍යාපාරික ආයතන මෙකී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය අංශයට නැගෙන අතර එකී ව්‍යාපාර දිරිගැන්වීම සහ නගා සිටුවීම සඳහා රජය මගින් නොයෙකුත් ක්‍රියා ක්‍රියාමාර්ග ගෙන තිබීම සුවිශේෂී කොට සැළකිය හැකිය. නමුත් ව්‍යාපාර ස්ථාපිත කිරීම සහ පරිපාලනය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති වීම හේතුකොටගෙන සුබවාදී ව්‍යාපාර පරිසරයක් පැවතුනද මෙකී ව්‍යාපාර තුළින් අපේක්ෂිත ප්‍රතිලාභ ලඟා කර ගැනීමට අපහසු වී ඇති අතර බොහෝ විට ව්‍යාපාර අසාර්ථක වීම් දක්නට ලැබේ. මේ තත්වයට විසදුමක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල නිරත වන ව්‍යවසායකයින්ට සහ එහි ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් පසුවන්නන්ට අවශ්‍ය මූලික දැනුම ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙහි කළමනාකරණ අධ්‍යයන පීඨය මගින් ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උසස් සහතික පත්‍ර වැඩ වැඩසටහන් හඳුන්වාවා දී ඇත.

  • විශේෂිත අරමුණු
  • සාර්ථක ව්‍යවසායකු බවට පත්වීමට අවශ්‍ය කරන දැනුම කුසලතා හා ආකල්ප සහභාගි වන්නන් තුළ වර්ධනය කිරීම
  • දැනුම සහ කුසලතාවයන් පරිපූර්ණ වූ තරුණ තරුණියන් ස්වයං රැකියා අවස්ථා සඳහා දිරිගැන්වීම උගත් තරුණ තරුණියන්ට ලාභදායී ස්වයං රැකියාවක් කිරීමට අවස්ථාව ලබාදීම
  • ජාතික ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දිය හැකි නව්‍ය හා නිර්මාණශීලී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම

පාඨමාලා ව්‍යුහය කාලය

  • අධ්‍යයන වර්ෂය එකයි

මාධ්‍ය

  • සිංහල, ඉංග්‍රීසි ,දෙමළ

ඇතුලත් වීමේ සුදුසුකම්

  • අයදුම්පත් භාර දෙන අවසාන දිනයට වයස අවුරුදු1 18 ට හෝ ඊට වැඩි වීම
  • දෙවරකට නො වැඩි වාර ගණනක දී අ.පො.ස (සා. පෙළ) විභාගයේ දී ගණිතය හා භාෂාව ඇතුළු ඕනෑම විෂයන් හයකින් සමත් වීම හෝ
  • ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය විසින් පවත්වනු ලබන 01 මට්ටමේ හෝ ඊට ඉහල මට්ටමේ සම්මාන ප්‍රමාණය 30 සහිත ඕනෑම සහතික පත්‍ර වැඩසටහනක් සම්පූර්ණ කිරීම හෝ
  • සනාතන සභාවට පිළිගත හැකි  NVQ 3 හෝ ඊට වැඩි සුදුසුකමක් ලබා තිබීම
  • විශ්වවිද්‍යාල සනාතන සභාවට පිළිගත හැකි වෙනත් ඕනෑම සුදුසුකමක් තිබීම

ගාස්තුව

  • අයදුම්පත් ගාස්තුව 250/-
  • පාඨමාලා ගාස්තුව 29,400/- (කොටස් දෙකකින් ගෙවිය හැක)
අයදුම්පත් යොමුකිරීමේ අවසන් දිනය
  • 2021-08-03
 
Scroll to Top