Wayamba Nenasala

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීම.

විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය වෙනදා මෙන් මෙවරද Online ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කර ඇත. ඒ අනුව සියලුම සිසුන් 2021 ජුනි මස 11 වැනිදා ට පෙර Online ක්‍රමවේදය ඔස්සේ අයැදුම් කළ යුතුය.

මේ සඳහා පහසුකම් සැපයීමට වෙන දා මෙන් මෙවරද අප නැණසල ආයතනය කටයුතු කරනු ලබයි. නමුත් පවතින කෝවිඩි වසංගත තත්වයේ උච්චතම අවස්ථාවක සිටින අප ආරක්ෂිතව හා වඩාත් බුද්ධිමත් ව කටයුතු කළ යුතු කාල වකවානුවකි. ඔබ සියලු දෙනා වෙන දා මෙන් අප ආයතනයට පැමිණිය හොත් නව නැණසල කෝවිඩ් පොකුරක් උවද නිර්මාණය වීමට ඉඩ ඇත. එබැවින් නිවසේ සිට ඔබගේ අයදුම්පත වඩාත් ආරක්ෂිතව යොමු කිරීම සඳහා පහසුකම් සළසා ඇත.

ඒ සඳහා ඔබ විසින් පහත ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතුය.
  1. අයදුම්පත් යොමු කිරීමට අදාළ ව අප විසින් දැනුවත් කිරීමේ වැඩසටහනක් Google Meet තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන අතර ඒ සඳහා ඔබ සහභාගී විය යුතුය. ඒ සඳහා සහභාගී වීමට පහත Whatsapp Group එකට සම්බන්ධ වන්න.
  2. වැඩසටහනට සහභාගී වීමේ දී අයදුම්පත පිරවීමට අවශ්‍ය ලිපිලේඛන සහ තොරතුරු රැස් කර ගැනීම හා පිළිවලින් ඒවා සකසා ගන්නා ආකාරය පිළිබඳව අප ඔබව දැනුවත් කරනු ලබයි.
  3. Online අයදුම්පත පිරවීම පිළිබඳව පියවරෙන් පියවර එය කර ගන්නා ආකාරය පිළිබඳ අප මෙහිදී ප්‍රායෝගික ව කර පෙන්වනු ලබයි. එය ඔබට තනිව උවද කර ගත හැකි බව ඉන් ඔබට වැටහෙනු ඇත. එය ඔබට තනිව අයැදුම් කිරීමට නම් ඔබ සතුව පරිගණකයක් තිබිම අත්‍යාවශ්‍ය වේ.
  4. යම් හෙකින් ඔබට පරිගණකයක් නොමැති නම් හෝ එම අයදුම්පත අප හරහා පුරවා යොමු කිරීමට අවශ්‍ය නම් එයද අප ආයතනය මගින් කර ගත හැකිය.
  5. ඔබ අපගේ සහාය ඇතිව ඔබගේ අයදුම්පත යොමු කිරීමට බලාපොරොත්තු වේ නම් වැඩසටහනෙන් පසුව අප ලබා දෙන Link එක හරහා ගොස් ඒ සඳහා වේලාවක් වෙන් කර ගත යුතුය.
  6. ඉන් අනතුරුව ඔබට ලබා දෙන දිනයේ එම වේලාවට නිවසේ සිට අප ඔබ සමඟ Google Meet හරහා සම්බන්ධ වෙමින් ඔබගේ අයදුම්පත සම්පූර්ණ කරනු ලබයි. අයදුම්පත සම්පූර්ණ කිරීමට ඔබගේ ජාතික හැඳුනුම්පතේ දෙපැත්ත පැහැදිලි ඡායාරූප දෙකක් ඔබ සතුව තිබිය යුතුය.
  7. අයදුම්පත Online යොමු කිරීමෙන් පසු එය අප විසින් Download කර ගනු ලබයි. එහි පිටපතක් ඔබගේ ඊ මෙල් ලිපිනයට ද යොමු වේ. එම පිටපත අප විසින් මුද්‍රණය කරනු ලබන අතර එය අප නැණසල ආයතනයට පැමිණ ලබාගැනීම සඳහා ඔබට දිනයක් හා වේලාවක් ලබා දෙනු ලැබේ. එදිනට පැමිණ එය ලබාගත හැකිය.
ඉහත ආකාරයට වෙනදා මෙන් වඩාත් නිවැරදිව හා ආරක්ෂිතව ඔබගේ අයැදුම් පත්‍රය අප හරහා යොමු කළ හැකිය.
අයදුම්පත් යොමු කිරීමට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වීමට පහත Whatsapp Group එකට සම්බන්ධ වන්න.
අපගේ සේවාවන් ලබාගත හැකි ආයතන

වයඹ නැණසල, දෙවන මහළ,  සම්පත් ගොඩනැගිල්ල, කන්‍යාරාම මාවත, කුරුණෑගල.

විමසීම් : 070-6633993

මාකදුර නැණසල, මහජන පුස්තකාල ගොඩනැගිල්ල, මාකදුර, ගෝනවිල.

විමසීම් : 037-4937098

ගිරිඋල්ල නැණසල, නො.22/23, රවුම්පාර, ගිරිඋල්ල.

විමසීම් : 071-6569209

Scroll to Top